Friend Zone ඉඳලම එපා වෙලාද? මෙන්න එහෙනම් ඒකෙන් ගැලවෙන්න ක්‍රම 5ක්


Friend Zone ඉඳලම එපා වෙලාද? මෙන්න එහෙනම් ඒකෙන් ගැලවෙන්න ක්‍රම 5ක්

Friend Zone එක කියන්නේ අපේ කෙල්ලො කොල්ලො බහුතරයකට තියෙන ලොකුම ප්‍රශ්නයක්. ගොඩක් අය හිර වෙලා ඉන්න තැනක් තමා මේක. යාලුකමද ආදරයද ක්‍රෂ් එකද කියලා වෙන් කරගන්න බැරුව සෑහෙන්න ලත වෙලා ගොඩක් අවස්ථා නැති කරගන්න අය එමටයි. අපි මේ ලිපියෙන් කතා කරන්න යන්නෙ මේකට කරන්න පුලුවන් දේවල් 5ක් ගැන.

ගැලවෙන්නම ඕනමද?

මුලින්ම Friend Zone එකෙන් ගැලවෙන්න ඔයාට උවමනාවක් එන්න ඕන. හැමදේකටම කලින් ඔයා කල්පනා කරන්න “මට Friend Zone එකෙන් ගැලවෙන්න ඕන” මයිද කියලා. උත්තරේ ඔව් නම් ට්‍රයි එකක් දීලා බලන්න. නෑ කියන එකනම් ඔයාගේ උත්තරේ ඉතින් වැඩේ හිතින් අත ඇරලා Friendship එක ගැන සතුටු වෙලා ඉන්න.

එයා එක්කම....

ක්‍රශ් එකත් එක්ක යාලුකමට වඩා දෙයක් ඕනනම්, එයාට ඔයා ස්පෙෂල් කියලා හිතෙන්න සලස්වන්න වෙනවා. ඒකට වැඩි වශයෙන් එයා එක්ක ගත කරලා එයාට ඔයා ස්පෙෂල් කියලා දැනෙන්න දෙන්න වෙනවා. කාලය වැඩි වශයෙන් එයා එක්ක ගත කරන එකෙන් යාලුකමත් වර්ධනය වෙනවා. හොඳ යාලුකමක් කියන්නේ හොඳ සම්බන්ධතාවයක අත්තිවාරම වගේ. අත්තිවාරම ශක්තිමත් කරගන්න නම් වැඩිපුර කාලය ගත කරන්නම වෙනවා.

ගණං හදන්නත් ඕනද?

ඇත්තටම ගණං හදන්නම ඕන නෑ. ඒත්  ඔයාගේ හැඟීම් ක්‍රෂ් එකට කියන්න කලින් දැනට ඔය දෙන්නා අතරේ තියෙන යාලුකම තක්සේරු කරගන්න එක වැදගත්. ඇත්තටම ඔයාට චාන්ස් එකක් තියෙනවද නැද්ද කියලා දැනගෙන ඉන්න එක වටිනවා.

අපි කලින් ලිපියක කිව්වා වගේ ඔයාට එයත් කැමතිද, මොනවා හරි signals එහෙම දෙනවද කියලා හිතලා බලන්න.

එයාගෙනුත් සිග්නල් එකක් එනවා නම්, කලබල වෙන්න එපා. කලබල උනාම කොරොස්කටෙත් අත දාගන්න බෑ කියනවනේ. හොඳට වෙලා අරං හිතන්න. සැලසුම් කරන්න කොහොමද එයාට කියන්නේ කියලා.

එහෙම එයාගෙන් සැලකිය යුතු සිග්නල් එකක් නැත්තම් කලබල නොවී momentum එක හැදෙන්න දෙන්න.

ටයිමිංනම් ටයිමිං

එයාත් කැමතී වගේ පෙන්නනවනම්, ඔයා අනිවාර්‍යයෙන්ම කියන්න ලෑස්ති වෙන්න වෙනවා. ගහෙන් ගෙඩි එන්න වගේ කියන එක සාර්ථක නෑ. හරියටම ටයිමිං බලලා තමා කියන්න ඕන. උදාහරණයක් වශයෙන් එයාගේ මූඩ් එක හරි නෑ වගේ නම්, කියන්න යන්න එපා. මූඩ් එක හොඳට තියෙන වෙලාවක් බලලා කියන්න. ඒ වගේම ඒ වෙලාවේ ඔයා කෑ ගහලා කලබල කරන එක ඔයාටම අවාසියක්. එයාගේ සිටුවේෂන් එක අනුව ඔයා සංවේදී වෙනවානම් ඒක ඔයාට ප්ලස් පොයින්ට් එකක් වෙන්න පුලුවන්.

යුවතියකට ඔබ ආදරෙනම්, ඇයට පවසන්න

ඔහොම බිලී ෆර්නෑන්ඩු කිව්වට ඕක තමා ලෝකේ තියෙන අමාරුම වැඩේ. කොහොම උනත් ඔයා ලෑස්ති වෙලා යන්න ඕන ඔයාට ලැබෙන උත්තර දෙකටම. එක්කෝ

  • එයාත් ඔයාට කැමති වෙලා ඔය දෙන්නගෙම කතාවක් පටං ගන්න පුලුවන්.
  • එයා ඔයාට කැමති වෙන්න පුලුවන්…….. යාලුවෙක් විදියට. ඒ කියන්නේ ඔයාට රිජෙක්ෂන් එකක්.

ඔයාට හම්බුන උත්තරේ මුල් එකනම් සුබපැතුම්. ඔයා ෆ්‍රෙන්ඩ්සෝන් එකෙන් එලියේ.

හැබැයි උත්තරේ දෙවෙනි එකනම් ….. කලබල වෙන්න එපා. එක රැයින් එළි වෙන්නේ නෑනේ. උත්සහවන්තයා ජයගනී කියලා තව ටිකක් ට්‍රයි කරලා බලමු.

GO TOP