චීනා කොපි කරපු වාහන


චීනා කොපි කරපු වාහන

චීනය කිව්වම ඔයාලට මුලින්ම මතක් වෙන්නේ මොනවද? කොරෝනා? අර ලයිට් පත්තු වෙන චයිනීස් ෆෝන්? ඒ දෙකම ගැන නෙමේ අද අපි කතා කරන්න යන්නේ. අපි අද බලන්න යන්නේ චීන්නු කොපි කරපු ලෝක ප්‍රසිද්ධ කාර් මොඩ්ල් 5ක්.

01. Huansu C60 Hyosow

සුපර් කාර් පිස්සො නම් මේක දැක්ක ගමන් ඔලුවට එන්න ඇති ඔරිජිනල් මොඩ්ල් එක. ඔව් ඒ වෙන මොකවත් නෙමේ Lamborghini Urus කියන වාහනය. Luxury and Sporty ගණයට වැටෙන මේ වාහනය මිළ අධික බව නිසාම ගොඩක් අයට ගන්න බැරි වෙලා තියෙනවා. මේ නිසාම චීන සමාගම් මේක කොපි කරන්න සෑහෙන්න උත්සහයක් දරන බවක් තමා පේන්න තියෙන්නේ. Urus එක රිලීස් වෙලා අවුරුද්දකින් වගේ මෙයාලා මේක රිලීස් කරලා තියෙන්නේ.

පිටත පෙනුම ගොඩක්ම Urus එකට සමාන වෙන්න හදලා තියෙන්නෙ මෙයාලා. ඔරිජිනල් කාර් එකේ මිලෙන් 1/10කට වගේ මේක මිළ කරලා තියෙනව කියලා තමයි අපේ අන්තර්ජාල මූලාශ්‍ර සඳහන් කරන්නෙ.

02. Geely GE

Geely කිව්වම මතක් වෙනවද් මොකක් හරි? නැද්ද? හරි. මයික්‍රෝ පැන්ඩා එක, එහෙම නැත්තම් මයික්‍රෝ MX7 කාර් එක දන්නවා ඇති නේ? ඒවා හදන්නේ Geely කොම්පැණි එකෙන්. එයාලා කොපි කරපු වාහන ගොඩක් තියෙනවා. එයින් එකක් ගැන තමා දැන් බලන්න යන්නෙ.

උඩ ෆොටෝ එක දැක්කම හිතුණා නේ Rolce Royce එකක් කියලා. නෑ නෑ මේ උඩ තියෙන්නේ ඒකක් නෙමේ. Geely ලා Reinventing the classic කියලා ඩිසයින්(කොපි) කරපු කාර් එක. මේ කාර් එක Rolce Royce Phantom කියන අධිසුඛෝපභෝගී කාර් එක වගේම හදන්න geely සමාගම සමත් වෙලා තියෙනවා. පිටත පෙනුමේ RR බොනට් එක උඩ තියෙන badge විදියෙම badge එකක්, Grill එක වගේ දේවල් එහෙම පිටින්ම උස්සලා වගේම luxury seats, Vine Cabinets වගේ ඇතුළත පහසුකමුත් මෙයාලා උස්සලා. Phantom එකේ තරු ස්ටාර්ලයිට් මාදිලියේ වහලයකුත් Geely GE එකේ තියෙනවා.  කලින් කාර් එක වගෙම මේකෙත් මිළ 1/10 වගේ වෙනවා කියල තමා කියන්නේ.

03. Zotye SR9

Zotye කියන නම ලංකාවේ අපිට ආගන්තුක නමක් නෙමේ. Nomad Zotye නමින් Toyota Cami වල ඩිසයින් එක එක්ක ආව jeep එක මතක ඇති හැමෝටම. ඒ Zotye ලගෙම තවත් මොඩ්ල් එකක් තමා මේ. මේක මෙයාලා කොපි කරලා තියෙන්නේ Porsche Macan කියන මොඩ්ල් එකෙන්. පිටත පෙනුම විතරක් නෙමේ Dashboard එක පවා උස්සලා.

04. Geely Merrie 300

ඔව් ඔව් කලින් කිව්ව Geely ම තමා. මේ කාර් එක දැක්කම මොකක්ද මතක් වෙන වර්ගය ඔයාලට? මටනම් Mercedes Benz Class C කාර් එකක් වගේ. මෙයාලා මේ කාර් එකේ ඉස්සරහ පෙනුම සම්පූර්ණයෙන්ම වගේ කොපි කරලා තියෙනවා. Benz badge එකත් එක්කම.

05. Cherry QQ

මේකනම් නොදන්න කෙනෙක් ඉන්න විදියක් නෑ. මේක ලංකාවෙ සෑහෙන්නම ප්‍රසිද්ධ උන කාර් එකක්. මේ කාර් එකත් කොපි කරලා හදපු කාර් එකක්. ඒ කොපි කරලා තියෙන්නෙ Daewoo Matiz / Chevrolet Spark කියන මොඩ්ල් එක. කොච්චර මේ දෙක එක සමානද කියනවනම් සමහර parts එහෙමත් මාරු කරලා පාවිච්චි කරන්න පුලුවන් කියලයි අපේ අන්තර්ජාල මූලාශ්‍ර කියන්නේ.

ඔයාලා දන්න තවත් මේ වගේ චීන්නු කොපි කරපු වාහන තියෙනවද? කමෙන්ට් එකක් දාන්න එහෙනම්. තවත් සැලකිය යුතු ප්‍රමාණයක් එකතු උනොත් අපි දෙවෙනි පෝස්ට් එකකුත් අරගෙන එන්නම්.

GO TOP