අපේ toothbrush එක මාරු කරන්නම ඕනේද?


අපේ toothbrush එක මාරු කරන්නම ඕනේද?

අපේ සමහර කට්ටිය කරන්නම කම්මැලි වැඩේ තමා දත් මදින එක. අද අපි කතා කරන්න යන්නේ දත් මදින්නේ නැති අයට නම් නෙමේ. හැමදාම කෙසේ වෙතත් දවසක් ඇර දවසක් හරි දත් මදින ඔයාට. ඔයාට එකම toothbrush එකක් හැමදාම පාවිච්චි කරන්න බෑ (දත් නොමැද හිටියත් ඔයාට toothbrush එක මාරු කරන්නම වෙනවා). ඒත් අපි ඒක මාරු නොකර හිටියොත් අපිට දත් දිරායාම, විදුරුමස් රෝග වගේ දේවල් ඇති වෙන්න පුලුවන්. මේ ආටිකල් එකෙන් අපි බලන්න යන්නෙ toothbrush එක පාවිච්චි කරන හැටි.

කොච්චර කාලයක් එක toothbrush එකක් පාවිච්චි කරන්න ඕනෙද?

ඔයා ඔයාගෙ toothbrush එක අනිවාර්යයෙන් මාස තුන හතරකට සැරයක්වත් මාරු කරන්න ඕනෙ (දත් මැද්දත් නැතත්). බ්‍රශ් එක දිහා හොදින් බලද්දි ඒකෙ ආයු කාලය ගෙවිලාද නැද්ද කියලා අපිට කියන්න පුලුවන්. කෙඳි වල අග ගෙවී ගිහින් කියලා අපිට පේනවා. සමහර ඉලෙක්ටික් ඒවායේ කෙඳි අතර නිල් පැහැයක් තියෙනවා. ඒ නිල් පාට ඉවත් වෙලානම් අපි ඒ බ්‍රශ් එක මාරු කරන්න ඕනෙ.

විදුරුමස් රෝග ඇති වීමේ හැකියාව

බ්‍රශ් එකේ කෙඳි පිටතට ඇලවී තිබීමෙන් ඒවා විදුරුමස් වල පාමුලට යාම හරියට වෙන්නෙ නැහැ කියලා ඩොක්ටර්ස්ලා කියනවා. අපි අවම වශයෙන් පැය විසිහතරකට සැරයක්ම අපේ කටේ තියෙන මැලියම් බැක්ටීරියා ඉවත් කරන්න ඕනි. ඒ කියන්නෙ දවසට අඩුම එක පාරක්වත් දත් මදින්න කියන එකයි.

විදුරුමස් රෝගයේ මූලික ලක්ශණ විදියට විදුරුමස් රතු පාට වෙන එක විතරක්ම නෙවෙයි. ඉදිමුණු විදුරුමස්, සියුම් හා ලේ ගලන විදුරුමස් පේන්න තියෙන එකට අමතරව හුස්ම ගැනීමේ අපහසුතාවන් වේ.

දත් දිරායාමේ හැකියාව

බැක්ටීරියයි ඉතුරු වෙච්ච කෑමයි එකට එකතු වෙලා දත් වල plaque එකක් හැදෙන්න පුලුවන්.මේ  නිසා නිපදවෙන අම්ල හා කෑම වලින්ගන්න සීනි, පිශ්ටය මගින් ප්ලාක් එක පෝශනය කරනවා. ඒකෙන් අපේ දත් වල පිටත එනමල් ස්ථරය ඛාදනය වෙලා, දත් වල කුහර ඇති වෙලා, දත් දිරා යන තත්වයටද පත් වෙන්න පුලුවන් .

Toothbrush එකක් මිලදී ගැනීම

බොහෝ විශේෂඥයන් නිර්දේශ කරන්නෙ සොෆ්ට් toothbrush මිලදී ගන්න කියලා. තද toothbrush වල, තද ලේසියෙන් නැමෙන්නෙ නැති කෙඳි තියෙනවා. ඒත් ඒවා අපේ විදුරමස් යටට ගමන් කරන්නේ නෑ. සොෆ්ට් toothbrush එකෙන් දත් මදිනකොට කටේ කොන් වලට ගිහින් දත් මැදීම හොදට කරනවා. කෙඳි හුගක් තියෙන බ්‍රශ් එකක් ගන්න පුලුවන්නම් වඩාත් හොදයි. එතකොට දත් මදින වෙලාවෙ විදුරුමස් පටක යට ඇති කුඩා පටක වලටත්කෙඳි ගමන් කරයි. Toothbrush එකක් ගනිද්දි ඒකෙ හිසේ ප්‍රමාණය ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ.

දත් මැදීමේ හොදම ක්‍රමය

ඔයා ඔයාගෙ toothbrush එක විදුරුමස් වලට අංශක 45ක කෝණයකින් තියා ගන්න. ඊට පස්සෙ බ්‍රශ් එක හෙමින් ඉස්සරහටයි පිටිපස්සටයි ගෙනියන්න. ඔයාගෙ දත් වල අභ්‍යන්තර හා පිටත පෘෂ්ටයන් වගේම ඉහල කොටස්ද මැදීම කරන්න. Toothbrush එක සිරස් අතට බෑවුමකින් ඉහළට හා පහළට වද්දමින් මදින්න.

හැම වෙලේම දන්තාලේපය කුහර වලින් ආරක්ශා වන ෆ්ලෝරයිඩ් අඩංගු එකක් විය යුතුය. දවසට දෙපාරක් විනාඩි දෙක ගානෙ වත් දත් මදින්න පුරුදු වෙන්න.

අපි කොහොමද අපේ toothbrush එක රැක බලා ගන්න ඕනි

අපේ toothbrush එක අපි ඉතා කෙටි කාලයක් පාවිච්චි කරා උනත් අපි ඒක පාවිච්චි කරන කාලය ඇතුලත එය හොදට පිරිසිදුවට තියාගන්න ඕනි. ඔයා toothbrush එකා පාවිච්චි කරන හැම වෙලාවෙන්ම පස්සෙ ඒක ගලා යන වතුරෙන් හොදට හෝදලා කෙලින් අතට හිටවලා තියන්න.  Toothbrush එක ආවරණය කරන එක හරි බහාලුමක් ඇතුලට දාන එකෙන් ඇත්තටම බැක්ටීරියා වර්දනයක් වෙන්න පුලුවන්.

වැදගත්ම දේ, ඔයා කිසිම වෙලාවක ඔයාගෙ toothbrush එක වෙන කෙනෙක් එක්ක ශෙයා කරගන්නනම් යන්න එපා. එහෙම කරොත් විසබීජ හුවමාරු වෙන්න පුලුවන්.

GO TOP