කනේ හැටියට ඔයා ගැන


කනේ හැටියට ඔයා ගැන

ඔයාගේ කනේ හැඩේ හැටියට ඔයා ගැන කියන්න පුළුවන් කියල ඔයා කලින් දැනගෙන හිටියද? දැන ගෙන හිටියා හෝ නැතා හෝ මෙන්න දැනගන්න පුළුවන් කොහොමද කනෙන් මිනිස්සු මනින්නේ කියල

අවුරුදු සිය ගාණක ඉඳලා චීනයේ සංස්කෘතියෙ කොටසක් තමයි දේහ ලක්ෂණ බලන එක. ඉතිං එහෙම බලලා මූණේ ලක්ෂණත් එක්ක චීන්නු චරිතය ගැන පොඩි තීරණ්‍යකට ඇවිල්ලා තියෙනවා. ඒකෙනුත් වැඩියෙන්ම බලපු දේහ ලක්ෂණය තමයි කන්වල හැඩය.

දැන් බලමු මේ කන්වල හැඩය ගැන

01. කුඩා කන් ඇති අය

මේ කුඩා කන් තියෙන අය නිතරම වගේ සමහර ගැටළු විසඳ විසඳ ඉන්න තමයි කාලය ගත කරන්නේ. නිතරම කිව්වේ දවසේ පැය 24ම නෙවෙයි. ඔය එක එක වෙලාවට එයාල මාර විදිහට බිසී වෙන්නේ එක එක ගැටළු වලට විසඳුම් හොය හොය ඉන්න.

02. මහා කන් ඇති අය

දැන් ඔය ලොකු කන් තියෙන අය සාමාන්‍යෙන් විද්වත්තු වෙනවලු. අපිට හොඳටම මතකෙට එන කෙනා තාමයි ඇල්බර්ට් අයින්ස්ටයින්. කන් දෙක ගත්තොත් ලොකුවට තියෙනවා. බුදු රජාණන් වහන්සේටත් තිබ්බේ සාමාන්‍ය අයට වඩා විශාල කන් කියල තමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලට අනුව කියවෙන්නේ. ඔයාලගෙ අතරෙත් ඔය අසාමාන්‍ය බුද්ධියක් තියෙන ඇමීටර් ටයිප් එකේ යාළුවෝ ඉන්නව නම් පොඩ්ඩක් ශේප් එකේ කන් දිහා බලන්න ලොකුවට තියෙනව නම් මේ කියන කතාව හරියන්න ඕනේ.

03. කුඩා කන්පෙති අය

පොඩි කන් පෙති තියෙන අය මොකක් හරි වැඩක් දුන්නම ශේප් එකේ ඒක මගෑරල ඉන්න අයලු. භාර ගත්තත් වගකීමෙන් වැඩේ කරල ඉවර කරන්නේ නෑ. ශේප්මන්ට් එක දාල ඇඟ බේර ගෙන හිමීට මාරු වෙන එක තමයි කරන්නේ.

04. විශාල කන් පෙති ඇති අය

මෙන්න මේ කියන ජාතියේ ලොකු කන් පෙති තියෙන අය ශක්තිමත් අයලු. ඒ වගේම මේ ඩයල්ස් ක්මති තනියම වැඩ කරන්නලු. අර group projects වගේ ඒවා මේ මෑන්ස්ලට හරියන්නෑ. කවුද මතක් උනේ. හුම් හුම් Bat Manව තමා ඉතිං. වෙන කවුද.

05. ඝණ කන් ඇති අය

ඝණ කන් ඇති අය ජීවිතයේ අත්දැකීම් බහුල් ය් ලෙස තමයි චීන්නු සලකලා තියෙන්නේ. හැබැයි අත්දැකීම් බහුල කෙනෙක්ද කියල බලන්න කන් අත ගන්න ගිහිල්ලා ගුටි කෑවොත් පttaයි ටීම් එක නම් වග කියන්නේ නෑ ඔන්න. කලින්ම කිව්වා, කිව්වේ නෑ නම් කියන්න එපා.

06. මහ ඝණ කන් ඇති අය

මෙන්න මේ ටයිප් එකේ අය හෙනම කම්මැලි ඩයල්ස් කියල තමයි කියන්නේ. මොන වැඩේ කරන්න ගියත් හෙණම කම්මැලිකමේ තාමයි මේ වගේ කන් තියෙන අය ඉන්නවා කියන්නේ.

07. කොට කන් ඇති අය

මෙන්න මේ කොට කන් තියෙන අයා ඉක්මනට කේන්ති යන අය උනත් ඒ කේන්තිය එලියට නොදී තමන්ම පාලනය වෙන්න මහන්සි වෙන අය. එකම විදිහේ හිතකින් ඉන්න අය නෙවෙයි. හිත වෙනස් වෙනවා සෙනිකවම. ඒ වගේම තමයි මෙයාල නම් පරිත්‍යාගශීලී අය නෙවෙයි.

08. නෙරා ඇති කන් ඇති අය

නෙරා ඇති කන් තියෙන අය ඉක්මනට කේන්ති යන කුකුල් කේන්ති කාරයෝ. මෙයාලට තියෙන්නේ සාමාන්‍ය මට්ටමේ බුද්ධියක්. ඔෆිස් වලදි එහෙම දමල ගහන ජාතියේ, පොඩ්ඩ බැරි වෙනකොට කෑගහගෙන යන ජාතියේ අය නිසා මේ වගේ අයව ඔෆිස් වල වැඩට නම් මැච් වෙන්නේ නෑ. එක්කෝ ගහල එලියට එයි. නැත්තම් ගුටි කාල තමා එලියට එන්නේ.

ඔන්න ඔහොම තමයි චීන්නු කන දිහා බලල මිනිස්සු මැනල තියෙන්නේ. ලාවට වගේ කන අත ගාල, කණ්නාඩියක් ගාවට ගිහිං පොඩ්ඩක් බලන්න ඔයා මොන වගේ කෙනෙක්ද කියල.

GO TOP