මෙසපොටේමියානු ශිෂ්ටාචාරය - Scientific සුරංගනා කතාව


මෙසපොටේමියානු ශිෂ්ටාචාරය - Scientific සුරංගනා කතාව

මේක සුරංගනා කතාවක් වගේ නම් තමයි. හැබැයි ටිකක් scientific සුරංගනා කතාවක්. විශ්වාස කරන්න නෙමෙයි දැනගැනීම පිණිසයි කියන්නෙ.

මේ මෙසපොටේමියානු ශිෂ්ටාචාරයේ ඉතිහාස කතාව

පෘථිවියේ පළවෙනිම ශිෂ්ටාචාරය තමයි මෙසපොටේමියානු ශිෂ්ටාචාරය (Mesopotamian Civilization) කියන්නෙ. එයාල හිටියෙ වත්මන් ඉරාකය ආශ්‍රිත භූමියේ යුප්‍රටීස් හා ටයිග්‍රිස් කියන ගංගා දෙක අතර. ලෝකෙ පළවෙනි ශිෂ්ටාචාරයෙ අය කොයි වගේ වෙන්න ඇතිද? අමාරුවෙන් ගල් දෙකක් අතුල්ලල ගින්දර අරන් සතෙක් පුච්චගෙන කාපු ප්‍රාථමික මිනිසුන් වෙන්න ඇති.
නෑ!

තහවුරු කරන ලද පුරාවිද්‍යාත්මක සාධක වලට අනුව මෙයාල විගණනය (auditing) පවා කරා. සෞරග්‍රහ මණ්ඩලයේ සිතියම් ඇන්දා. තව මේ වගේ හිතාගන්න බැරි වැඩ ගොඩක් කරපු අරුම පුදුම මිනිසුන්ගෙන් පිරි ශිෂ්ටාචාරයක්.

ඔන්න ඔතනදි තමයි ප්‍රශ්නයක් මතුවෙන්නෙ. සියවස් 50කටත් කලින් මෙයාල ඇඳපු මේ සෞරග්‍රහ මණ්ඩල සිතියමේ අපි බොහොම මෑතකදි හොයාගත්ත ප්ලූටෝ ඉන්නවා. ඒ විතරක් නම් කමක් නෑ. තවත් මොකෙක්ද ග්‍රහයෙක් ඉන්නවා.

ග්‍රහයෙක් කිව්වට ඒක infrared range එකේ තියෙන (පියවි ඇසට පෙනෙන සංඛ්‍යාත පරාසයෙන් පිට) මියගිය තරුවක් ප්‍රමුඛ කරගත්ත sub solar system එකක් කියලයි සටහන් වල තියෙන්නෙ. ඒ තමයි නිබිරු.

කවුද බොලේ නිබිරු?

දැන් තමයි කතාව පටන්ගන්නෙ. මෙයාලට අනුව නිබිරු තියෙන්නෙ අපේ සෞරග්‍රහ මණ්ඩලයෙම ඈත කොණේ. ප්ලූටෝගෙන් පස්සෙ තියෙන ග්‍රහක වලල්ලෙනුත් (asteroid belt) ගොඩක් දුරට වෙන්න දැඩි අන්ධකාරයේ. නිබිරු වල පරිභ්‍රමණ කාලය අවුරුදු 20000ක් 30000ක් තරම් විශාලයි. ඒ නිසා සූර්යයාට ලං වෙන්නෙ වසර දහස් ගානකට සැරයක්. ඔහොම කාලයක් ඈත අතීතයේ දවසක උදාවුණා.

සූර්යයාගෙන් පිටවන ධන ආරෝපිත අංශු විකර්ෂණය කරල අපිව රැකගන්නෙ අපේ වායුගෝලයට ඉහළින් තියෙන අයනගෝලයෙන්. ඕක ඇතිවෙන්නෙ පෘථිවියේ ඇන්ටාක්ටිකාවෙ ඉඳල උතුරුදිග කැනඩාවට යනකන් ලෝකෙම ආවරණය කරගෙන හැදිල තියෙන චුම්භක ක්ෂේත්‍රයෙන්. බැරිවෙලාවත් ඔය සූර්ය අංශු පෘථිවියට වැදුන නම් ජීවය ක්ෂණයකින් විනාශ වෙලා පෘථිවියත් අඟහරු වගේම ඔක්සිකරණය වෙලා මළකඩ කයි. අඟහරු වගේ රතු/තැඹිලි පාටට පෙනෙයි.

නිබිරු වැසියො ඉතාමත් දියුණුයි. එයාලට කිව්වෙ අනුනාකිවරු කියලා. හැබැයි ඒ දියුණුවම එයාළගෙ පරිහානියට හේතුවුණා. එයාල නිබිරු වල ස්වභාවික සම්පත් පරිභෝජනය කරා ගොඩක් වැඩියි. ලෝහ හාරල හාරලම අන්තිමට එයාලගෙ ලෝකෙ මධ්‍යයේ metallic core එක අඩුවෙන්න ගත්තා. ඒ නිසාම චුම්භක ක්ෂේත්‍රය අඩුවුණා. දැන් සූර්යයා ළඟින් ගියොත් බඩු හම්බවෙන බව එයාලට තේරුණා.

ඒ නිසා මේ අනුනාකිවරු නිබිරු පෘථිවිය ළඟින් යද්දි පෘථිවියට බහිනවා. ඒ මෙහෙන් රත්තරන් අරන් ගිහින් එයාලගෙ ලෝකෙ ලෝහ හරය පුරවල ආපහු යථා තත්වයට ගේන්න. ඒත් ඒ වැඩේ ඉක්මණට කරගන්න එයාලට තනියම බෑ. වැඩේ කරගන්න වහල් සේවකයන් අවශ්‍ය වුණා. ඒ තමයි මෙහෙ හිටපු අතිශය නොදියුණු මානවයා (මෙයා වානරයන්ගෙන් පැවතුන කෙනෙක් නෙමෙයි. වෙනම වර්ගයක්). අනුනාකිවරු මේ මානවයින්ව වැඩේට සුදුසු ආකාරයට පරිවර්තනය කරා. ඔවුන්ට දියුණු මනසක්, මනුෂ්‍ය රූපයක් ලබාදෙන්න එක් අනුනාකිවරයෙක් බිලිවුණා. ඔන්න ඔහොමයි මෙසපොටේමියානු ඉතිහාසයට අනුව මිනිස්සු බිහිවුණේ.

Painting – The Return of Anunaki

මේ මිනිස්සු දිවා රෑ නොබලා පතල් වල රත්තරන් කණින්න ගත්තා. ඒ ගොඩගත්ත රත්තරන් නිබිරු ලෝකයට ප්‍රවාහනය කරන්න හදපු උපකරණ වලටලු පිරමීඩ කියන්නෙ. වැඩේ කරගෙන අනුනාකිවරු ආපහු තමන්ගෙ ලෝකෙට පිටත්වුණා.කාටුන් එකක් වගේ නේද? මේකෙ ගොඩක් කොටස් බැලූ බැල්මටම බොරු වගේ. හැබැයි සමහර පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව මේක බොරුවක්මත් නෙමෙයි.

කෝ දැන් නිබිරු?

නිබිරු පවතින බව සෛද්ධාන්තිකව ඔප්පු කරන්න පුළුවන්. ගොඩක් අය හිතන් ඉන්නෙ ග්‍රහලෝක ටික කැරකෙන්නෙ නිශ්චල සූර්යයා වටේ කියල. නෑ සූර්යයාත් පරිභ්‍රමණය වෙනවා. මොකක් වටේද? සෞරග්‍රහ මණ්ඩලයේ පොදු ස්කන්ධ කේන්ද්‍රය වටේ. වැඩේ කියන්නෙ අනෙක් ග්‍රහයන්ට සාපේක්ෂව සූර්යයාගේ දැවැන්ත ස්කන්ධය නිසා මේ පොදු ස්කන්ධ කේන්ද්‍රය තියෙන්නෙත් හිරු තුලම වගේ. ඒ නිසයි දැනෙන පරිභ්‍රමණයක් පේන්නෙ නැත්තෙ.

අවුලක් තියෙනවා. දැනට අපේ සෞරග්‍රහ මණ්ඩලයෙ අපි දන්න ග්‍රහ වස්තූන්ගේ ස්කන්ධයන්, ඒවා පිහිටි දුරවල් හා ඒවා එකවර පවතින දිශාවන් සැලකීමේදී ඔය පොදු ස්කන්ධ කේන්ද්‍රය තියෙන්න ඕනෙ ඔතන නෙමෙයි. ඒකෙ තේරුම හිරුගේ සිට යුරේනස්ට ඇති දුර මෙන් 20 ගුණයක් පමණ දුරින් තවත් ග්‍රහ වස්තුවක් අපේ සෞරග්‍රහ මණ්ඩලය තුල තිබිය යුතුයි. දැනට NASA ආයතනය එය හඳුන්වන්නෙ Planet X හෝ Planet 9 ලෙසයි. හැබැයි ඉතින් ඒ නිබිරුමයි කියන්නත් නිබිරු නෙමෙයි කියන්නත් තාම කල් වැඩියි.

Related Articles

GO TOP