මොකක්ද මේ දවස්වල යන The Voice Teens හුටපටේ?


මොකක්ද මේ දවස්වල යන The Voice Teens හුටපටේ?

අද කථා කරන්න යන්නේ මේ දවස් වල වැඩියෙන්ම කථා බහට ලක් වෙන The Voice Teens ගැන.

ඇත්තටම මොකක්ද මේ The Voice Teens කියන්නෙ. කොහොමද මේක පටන් ගත්තෙ. අපි බලමු මේකේ ඉතිහාසය දිහාවට හැරිලා. මේ Voice තරඟ කාණ්ඩ තුනක් යටතේ තියෙන්නෙ.

  1. The Voice Kids
  2. The Voice Teens
  3. The Voice.

මුළින්ම මේ තරඟාවලිය පටන් අරන් තියෙන්නේ 2010 සැත්තැම්බර් මාසේ The Voice Holland ගානක් හැරුනොත් තරඟ කරුවට පුළුවන් තමුන් කැමති කෝච් කෙනෙක්ව තෝර ගන්න. ලංකාවේ තියෙන Blind Audition වටයේ නැති තෝරාගැනීමක් වෙනත් රටවල තරඟ වලදී තියෙනවා. ඒ Blocked කියන ඔප්ශන් එක.

මේකේ වෙන්නේ කෝච් කෙනෙකුට අවස්තාව තියෙනවා වෙන කෝච් කෙනෙක්ව Blocked කරන්න. මේ වැඩේ කෝච් කෙනෙක්ට හම්බු වෙන්නේ මුළු සීසන් එකේම ඒක වතාවක් විතරයි. මේක ලංකාවේ තරඟේ තිබ්බ නම් තවත් මේ තරඟේ උණුසුම් වෙන්න තිබුණා.

ඊගාවට තියෙන්නේ The Battles Round එක. මේකෙදි වෙන්නේ එකම කණ්ඩායමේ දෙදෙනෙක් එකට තරඟ වදින එක. ඒ කියන්නේ එකම ගීතයක් තමයි දෙන්නම ගායනා කරන්නෙ. කෝච්ගෙ තේරීම මත මේ දෙන්නගෙන් එකකෙනෙක් ඉවත් වෙලා යනවා. අනිත් රටවල Battles Round එකේ Steal කියලා ඔප්ශන් එනන් තිබ්බා. ඒකෙන් වෙන්නෙ එක කෝච් කෙනෙක් ගෙන් අයින් වෙන තරඟ කරුවෙක් වෙනත් කෝච් කෙනෙකුට, තමුන්ගේ ටීම් එකට ගන්න පුළුවන් වෙන එක.

කොහොම නමුත් දැන් යන්නේ අපේ රටේ තරඟේ The Battles Round කියන වටය. ඊගාවට තියෙන්නේ Knockouts කියන වටය. මේකෙදිත් තරඟ කරුවන් තරඟ වදින්නේ තමුන්ගේ කණ්ඩායමේ තරඟ කරුවන් එක්ක. මෙතනින් පස්සේ තමයි අවසාන වටය එන්නේ. ඒක Live Performance එකක් එන්නෙ. මේ වෙද්දි ටීම් හතරෙන් තරඟ කරුවන් හතරයි ඉතිරි වෙලා ඉන්නෙ සහ අපිටත් අවසාන තරඟ වටේදි වෝට් කරන්න පුළුවන් කමක් ලැබෙනවා.

ලංකාවේ The Voice Teens විකාශණ අයිතිය ලැබිලා තියෙන්නේ සිරස ආයතනයට. ඒ වගේම කෝච්ලා හතර දෙනා තමයි.

  1. කෝච් සනුක
  2. කෝච් අශාන්ති
  3. කෝච් දුමාල්
  4. කෝච් රෛනි

ඒ වගේම හොස්ට් විදියට ඉන්නේ ස්ටෙෆණි සිරිවර්දන. එයාව මේකට ගන්න ඇත්තේ මේ තරඟාවලි ජාත්‍යන්තර මට්ටමේ පැවැත්වෙන නිසාත්, අපේ තරඟයත් ඒ මට්ටමට ගන්න ඕන නිසාත් වෙන්න පුළුවන්.

දැන් තමයි හොඳම හරිය. තරඟය පටන් ගත්ත දවස් වල ඉඳලම සෝශල් මීඩියා වල ඉඳලා හැම තැනකම කතා වුන දෙයක් තමයි කෝච්ලා ඕවර් ඇකිටිං දගලානා වෙනවා කියන එක. නමුත් මේක මේ තරඟයේ ෆෝමැට් එකේම තියෙන දෙයක් වගේම තරඟය කෙරෙයි ප්‍රේක්ෂකයා ඇඳ බැඳ තියා ගන්න සමත් වෙනවා. මෙතනදි තවත් දෙයක් තියෙනවා. කෝච් ලා හතර දෙනාම අපට වඩා සංගීතය ඉගෙන ගත්ත අය.

අපි බොහෝ දුරට බලන්නේ අපේ කනට ඇහෙන මිහිරි බව හෝ සේශල් මීඩියා වල විව්ස් වලින්. අනිත් පැහැදිළි කාරණාව තමයි මේක International මට්ටමේ තරඟයක් නිසා සිරසට ඕන විදිහට වත්, කෝච් ලට ඕන විදියට වත් නටන්න බෑ. Franchise Owner එයාලගෙ Brand එක යටතෙ යන හැම Competition එකක්ම Review කරනව. ඉතිං මේක සෑහෙන රිස්ක් එකක් අරන් කරන වැඩක් වගේම දැළිපිහියෙන් කිරි කනවා වගේ වැඩක්.

අදාල නාලිකා වල ඉන්න යාළුවෝ කිව්වා කියන දේවල් එක්ක The Voice Teens දිහා බලන්න අමාරුයි. මොකද ගොබ්බ මානසිකත්වේ ඉන්න කෙනෙක් කොහෙ උන්නත් කියන්නේ ගොබ්බ කථාම තමයි. තරඟය අතර තුර ඇදිලා ගිය විසේශම කතාව උනේ ආදිත්‍යා සහ සහංගිගේ සිද්දිය. මේක තනිකරම යූ ටියුබ් විව්ස් හා අනෙකුත් සෝශල් මීඩියා හරහා ඇතැමුන් තමන් ගේ මතය එලියට දාපු දෙයක් විදියට දකින්න පුළුවන්.

මෙතනදි සහංගි කියන සිංදුව රාවනා Brothers කියන කණ්ඩායම කියන සිංදුවක්. එතකොට මේ සිංදුව සහංගිට ගැලපෙන්නේ සහංගිගේ තියෙන ජන ගී වොයිස් එක සහ කට හඬේ තියෙන බර ගතිය එක්ක. අනික බොහෝ දෙනෙක් ඇත්තට හරි බොරු රංගනේකට හරි අපේ කම කියන එක ඉස්සරහට දානව. ඒත් එකක්ම ආදිත්‍යාගේ වීඩියෝ එකක් හරහා ආදිත්‍යාගේ බොරු පොෂ් ලියින් එකක් තියේය, සහ තව තව කතන්දරත් එකක් වෙනමම පැත්තකට මේ තරඟය අරන් යන්න සමහරු උත්සාහ කරනවා සෝශල් මීඩියා වල අපි දකිනවා.

එතන තියෙන වෙනමම යන කතාව ඔය වීඩියෝ වල කමෙන්ට් වලට ගියාම බලා ගන්න පුළුවන්. මෙතනදි තව දෙයක් අනිවාර්යෙන් මතක් කරන්න ඕන. මේ කෝච්ලා හතර දෙනාට තියෙන්නේ එකකට එකක් වෙනස් හැකියාවල්. තරඟ කරුවන් තමුන්ගේ කෝච් තෝරන අවස්තාවේ හරියටම හරි යන කෙනාමද තෝර ගත්තේ කියන එකත් අපට බලන්න වෙනවා. මොකද Blind Audition එකෙන් පස්සෙ Battles Round එකට එනකොට කලින් තිබ්බ හැකියාවන් තරමක් පහත බැහැලා තිබ්බා ලැබෙන ගීත එකක්. සමහර අවස්ථා වල විතරක්. මොකද ඒක කෝච්ලා පවා කියපු වෙලාවල් තිබ්බා.

සමස්තයක් විදියට ගත්තහම කෝච්ලා හතර දෙනාව සෑහෙන මහන්සියක් අරන් තිබ්බා තරඟ කරුවන් ඉහළ මට්ටමකට ගන්න සහ ඒකේ හොඳ ප්‍රතිඵලත් සැහෙන්න තිබුණා. අංක එකටම කියන්න තියෙන්නෙ මේකා ජාත්‍යන්තර මට්ටමට යන තරඟයක්. අපිට අපේම කියන තෝරා ගැනීම් මේ තරඟේ ඇතුලේ තියෙනවා. නමුත් අපේ තෝරා ගැනිම් ඉවත් වීම තුළින් සහ ජීවිතේට ස්වරයක් අහලකින් ගියේ නැති මිනිස්සුන්ගේ ඔස්තාද් ටෝක් වලින් මේ තරඟය මනින්න එපා කියන එක කියන්න පුළුවන්. මොකද මේ තමයි අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ අනාගතය. ඒ වගේම පළවෙනි Round එකේ ඉඳලා මේ සියළුම ළමයින් දිනලා ඉවරයි.

දැන් තියෙන්නේ වැරදි හදාගෙන ඉස්සරයට යන එක. මේත් එකක්මු මියුසික් බෑන්ඩ් එක ගැනත් වචනයක් කියන්න ඕන. අර ජාත්‍යන්තර කොලිටිය එන්න මියුසික් බෑන්ඩ් එකත් සැහෙන කැපවීමකින් කටයුතු කරනවා වගේම, මේ ගීත වලට නැවුම් රහක් එකතු කරන්නත් සමත් වෙලා තියෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කෝච්ලා හතර දෙනාගෙන් Battles Round එකේ Battles කීපයක්ම හොඳම ලෙවල් එකට ගෙනල්ල දුන්නේ කෝච් රෛනි. (මේක මගේ මතයක්) ඒ අතරින් දැනට තරඟ වැඳුනු තරඟ කරවන්ගෙන් ඇමීලියා සෑහෙන ඉස්සරහින් ඉන්නවා කියන්නත් පුළුවන්. (මේකත් මගේ මතයක්)

හම්මේ ඉතිං ඕන්න ඉවරයි. R. ජයසේන, රිටිගල හංදියේ සිට සහංගි කිව්වට පස්සේ කිත්තානේ කියල සිංදුවක් තියේ කියල හරි දැනගත්ත, සහංගි කිව්ව කිත්තානේ ගීතය අසමින්.

GO TOP