ඔයාගේ crush එක ඔයාට කැමතිද කියලා දැනගන්න ක්‍රම 10ක්


ඔයාගේ crush එක ඔයාට කැමතිද කියලා දැනගන්න ක්‍රම 10ක්

මා දිහා බලන්න 👀

ඔයාගේ ක්‍රෂ් එක ඔයා දිහා බලං ඉඳලා ඔයාට මාට්ටු වෙලා තියෙනවද? ඒ කියන්නේ ඇමරිකාවට ගහන මිසයිලේ මෙක්සිකෝවට වැටෙනවා වගේ ඔයාගේ යාලුවා දිහා බලං ඉද්දි ඔයා මිස්අන්ඩර්ස්ටෑන්ඩ් කරගත්තු ඒවා නෙමේ. ඔයා දිහා ඇස් කොණෙන්, හොරෙන් බලං ඉඳලා ඔයා බලද්දි එයා ඉක්මනට වෙන පැත්තක් බලාගත්ත නම්, නැත්තම් ඔයාගේ යාලුවො කියනවනම් එහෙම බලං ඉඳලා උන්ට මාට්ටු උනා කියලා, ඒ කියන්නේ ඔයාගේ ක්‍රෂ් එක ඔයාට කැමති වීමේ සම්භාවිතාව වැඩි වෙන්න පුලුවන්.

වචන රචන කරන එකම ක්‍රමය, SMS 💬

කියලා ඩැඩීලා කිව්වට දැන්නම් වට්සැප් වයිබර් ටෙලිග්‍රෑම් මෙසෙන්ජර් වගේ දහසකුත් ක්‍රම තියෙනවනේ. අපි මේ කියන ක්‍රමය අදාල වෙන්නේ ඉයා එයත් එක්ක කතා කරන ලෙවල් එකේ ඉන්න අයට. ඔයාට එයා ඔව් නෑ බෑ වගේ ඒවා කියන්නත් හැතැප්ම ගණං දිග මෙසේජ් එවනවනම්, ඒ කියන්නේ එයා ඔයාට විශේෂ සැලකිල්ලක් තියෙනවා කියලා වෙන්න පුලුවන්.

ප්‍රියතම පාට 😍

සාමාන්‍යයෙන් යාලුකමකදි ෆේවරිට් කලර් එක, කෑම, ආසම සිංදුව හොයන්නේ නෑනේ. හැබැයි ඔයාගේ ක්‍රෂ් එක ඔයාගේ ෆේවරිට් දේවල්, බල්ලගේ පූසගේ නම වගේ පෞද්ගලික කරුණු අහනවනම්, ඒ කියන්නේ හෝප් එකක් තියාගන්න පුලුවන් කියන එක.

මම කවදද මෙයාට මේක කිව්වේ? 🤔

ඔයාගේ ක්රෂ් එකට ඔයා නොකියපු දේවල්, ඒ කිව්වේ ඔයාගේ උපන්දිනය, විනෝදාංශ වගේ දේවල් දන්නවා කියන්නේ ඔයාට හොරෙන් එයා පොඩි CIA ගේමක් ගහලා.

ඇවිදින කැමරාවක්ද කොහෙද 🙄

මේකත් උඩ පොයින්ට් එකේම ඊළඟ එක.ඔයා ඇවිදින විදිය, ෆෝන් එක අල්ලනවිදිය ඉඳං ඔයාගේ ඉරියව්, පුරුදු නෝට් කරං ඉන්නවනම්, ඒවා වෙනස් උනාම ඒ වෙනසත් එයාට තේරෙනවනම් එතන මොනාම හරි තියෙන්න ඕන.

මගේ විතරයි 😒

ඔයා වෙන කෙනෙක් එක්ක කතා කරද්දි අරයා මූඩ් ගහනවනම් ආයේ අහන්න දෙයක් නෑ. ක්‍රෂ්ම තමා.

මොංගල් ලෙවල් අල්ටිමේට් 😜

ඔයා ක්‍රෂ් එකේ අහල පහලක ඉද්දි එයා මොංගල් වගේ හැසිරෙනවනම්, කතා කරද්දි වචන පටලැවෙනවනම්, විශේෂයෙන්ම අයි කන්ටැක්ට් දෙන්නැත්තම් එයාගේ හිතෙත් ඉන්නේ ඔයා වෙන්න පුලුවන්.

ඔයාටනම් ඕන උදව්වක් 😌

ඔයාට උදව්වක් ඕන උනාම එයා පැනගෙන උදව් කරන්න එනවනම්, ලොකු පොසිබිලිටියක් තියෙනවා ක්‍රෂ් එක ඔයාට ක්‍රෂ් බැක් වෙන්න.

පොඩි දේත් වටිනවා 🙏🏻

ඔයා කරන, කියන හැම පොඩි දේම එයා අගයනවනම්, ඒක හොඳ සලකුණක්. හැබැයි ඒක එයා හිත හොඳ කමට හැමෝටම කරන දෙයක් නම් මේ පොයින්ට් එක ඔයාට අදාල වෙන්නෙ නෑ.

Eat sleep chat repeat ⏰

ඔයා එයාට ක්‍රෂ්නම් අනිවාර්යයෙන් එයා එක්ක චැටක් දානවා ඇතිනේ. ඔය දාන චැට් එක විනාඩි දහය පහළොව වගේ යද්දි එයා යනවනම් වැඩිය හිතන්න දෙයක් නෑ. ඒත් පැය තුන හතර වගේ චැට් යනවනම්, එයත් ඒකට කිසිම අවුලක් නැත්තම්, ක්‍රෂ් එක ඔයාට ක්‍රෂ් වීමේ සම්බාවිතාවය වැඩියි.


සැලකිය යුතුයි: අපි මේ කිව්ව පොයින්ට්ස් එකක් හෝ දෙකක් එයාට තියෙනවා වෙන්න පුලුවන්. නමුත් ඒකෙන් 100%ක්ම කියන්න බෑ එයා ඔයාට කැමතියි කියලා. ඒ නිසා පොඩි හෝප් එකක් තියාගන්න, Over assumption වලට යන්නෙ නැතුව එයාගෙන් අහන්න මෝටිවේෂන් එකක් විදියට පාවිච්චි කරන්න කියලා ඉල්ලනවා පට්ටයි ටීම් එකේ අපි.

ඔයාගේ ක්‍රෂ් එක ඔයාට කැමතියි කියලා ඔයාට නෝට් උනේ කොහොමද? කමෙන්ට් එකක් දාගෙන යන්න ඒ ගැන.

GO TOP