දෙවන රැල්ල ආවොත් කොරන්ටයින් වෙන ගමන් කරන්න පුළුවන් වැඩක් ඇති වැඩ


දෙවන රැල්ල ආවොත් කොරන්ටයින් වෙන ගමන් කරන්න පුළුවන් වැඩක් ඇති වැඩ

මේ දවස් වල කොරෝනා නිසා ගේ අස්සටම කොටු වෙලා කොර උනා සීන් එකේද ඉන්නේ ඔයත්? එහෙනම් අද අපි කතා කරන්න යන්නේ ඔයාලට ගෙදර ඉන්න ගමං කරන්න පුලුවන් දේවල් ටිකක් ගැන.

01. බොඩි බිල්ඩිං

බොඩිබිල්ඩිං කරන්න්නෙ කොහොමද දෙයියනේ ජිම් වහලනේ. ඔයාටත් ඔහොම හිතුණද? බය වෙන්න එපා. ජිම් එකටම යන්න ඕන නෑ workout කරන්න. යන්න Youtube එකට. ඔයාගේ workout level එකට අනුව (Beginner, Intermediate, Expert) ගෙදරදිම කරන්න පුලුවන් workout තියෙනවා. පොඩ්ඩක් බඩක් තියෙනවනම් Crunches ටිකක් එහෙම කලා කියලා පාඩුවක් වෙන්නෑ

02. අපි වවමු රටනගමු

Gardening GIFs - Get the best GIF on GIPHY

මේ දවස් වල ගොවිතැන් කියන්නේ කට්ටියකට කර්ෆිව් පාස් එකක්නේ. අපි කියන්න යන්නේ එහෙම වැඩක් ගැන නෙමේ. ගෙදර ඉන්න ගමං වත්තේ පිටියේ පොඩියට මොනවා හරි හිටවගන්න. වම්බටු ටිකක්, මිරිස් ටිකක්, කංකුං වැලක්, මඤ්ඤොක්කා ගහක් වගේ හිටවගන්න. එතකොට ෆ්ලැට් වල ඉන්න අපිට මොකද වෙන්නේ කියලා කල්පනා කරනවා ඇති එයාලා. පරණ කොකාකෝලා බෝතලයක් කපලා ගත්තනම් මිරිස් පැළ දෙකක් හිටවන්න පෝච්චි 2ක් හදාගන්න පුලුවන්

03. මාස්ටර්චෙෆ්

Season 7 Cooking GIF by MasterChef Junior - Find & Share on GIPHY

මේ ටිකේ නිකන් ඉන්න එකේ මාස්ටර් චෙෆ් බලලා ගෝඩ්න් රැම්සිට මළ පනින සීන් වලින් ආතල් ගන්න පුලුවන් කියලා හිතුවට අපි මේ කියන්න යන්නේ ඒක ගැන නෙමේ. හැමදාම අම්මා/වයිෆ්/අක්කා/නංගි උයල දෙන කෑම එක කන, කුස්සිය තියෙන්නේ ගෙදරද නැත්තම් ඇමරිකා මෙක්සිකෝ බෝඩරේද කියලා නොදන්න මහත්තුරු ටික, පොඩ්ඩක් කුස්සිය තියන දිහාව ගෙදර ප්ලෑන් එකෙන් බලලා හොයාගෙන, අම්මට/වයිෆ්ට පොඩි නිවාඩුවෛ දෙන්න. පුලුවන් නම් උදේම නැගිටලා තේ ටිකක් එහෙම හදලා එයාලව ඇහැරවන්න.

එතකොට මේක කියවන අම්මලා, වයිෆ්ලා ටීවී එක දාං දෙව්මි අවන්තත් එක්ක මිලේනියම් සිටි පාරේ හම්බවෙන එක බල බල ඉන්නැතුව පුතාට,හස්බන්ඩ්ට රස කෑම ටිකක් හදලා දෙන්න. කේක් එකක්, හැලප ටිකක්, රෝල්ස් එකක් වගේ හදල දුන්නට එයාලා තරහ වෙන එකක් නෑ

04. ක්ලාස් යමු

Tired Sutton Foster GIF by TV Land - Find & Share on GIPHY

මොකක්? මේක ලියන එකාට පිස්සුද? මේ කර්ෆිව් අස්සෙ මොන ක්ලාස්ද? එහෙම හිතෙන්න ඇති. ඔව් ක්ලාස් යන්නනම් බෑ තමයි. ඒත් ඔයාට ඔන්ලයින් කෝස් එකක් දෙකක් අරං කරන්න පුලුවන් ගෙදර ඉද්දි. ඔයා ආස දේ ගැන Udemy, Coursera, Khan Academy වලින් බලලා ඉගෙන ගන්න. සල්ලි ගෙවලා ගන්න සල්ලි නැත්තම් Youtube යන්න. ඒකේ ෆ්‍රී කෝසස් තියෙනවා. අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා පාඩුවක් නෑනේ.

05. තමන් හිසට තම අතමය සෙවණැල්ල

Diy Network The Case For Building Your Own Sourcing Tool Funny ...

මෙන්න මෙහෙම කියමනක් තියෙනවනේ. මේ කියමනත් අපිට මේ කාලය ප්‍රයෝජනවත් විදියට පාවිච්චි කරන්න යොදාගන්න පුලුවන්. කොහොමද ඒ? අහලා තියෙනවද DIY කියලා එකක්? ඒ කියන්නේ Do it yourself කියලා. ඔයාට ඕන දේ ඔයාම හදාගන්න කියන එකයි ඒ. හිතන්න ඔයාට ඕනේ බර්ගර් එලාර්ම් එකක් කියලා. ඒක කඩෙන් ගන්න ගියාම ලොකු ගාණක් වෙන්න පුලුවන්. ඔයාට ඕනේ විදියටම නැති වෙන්න පුලුවන්. ඒ නිසා ඔයාටම ඒක හදන්න ගන්න පුලුවන්. ඒ වගේ දේකට තමා DIY කියන්නේ. අපි පහළින් දාන්නම් අපේ ට්විටර් සහෝදරයෙක් කරපු වැඩ වල ලින්ක් එකක්.

ඒ සහෝදරයා එයාට වැඩ කරන්න මේසයක් හදාගෙන.

වෙනදා කරන රැකියා, අධ්‍යාපනයෙන් මිදිලා ඉන්න මේ වෙලාවේ ඔයාගේ හැකියාව, නිර්මාණශීලීත්වය මේ වගේ දේකට යොමු කිරීම කොච්චර වටිනවද?

ඔයාලා ගෙදර ඉද්දි නිරෝධායන කාලයේ මොනවද කරන්නේ? කමෙන්ට් කරන්න එහෙනම්.

GO TOP