2020 එන්න තියෙන සුපිරිම Smart Phones 08


2020 එන්න තියෙන සුපිරිම Smart Phones 08

ඔන්න අළුතෙන්ම එන Smart phones ගැන බලාගෙන ඉන්න අයට 2020 අවුරුද්දේ එන්න තියෙන අළුත්ම mobile device ගැන අපි අරගෙන එනවා මේ article එකෙන්.

අපිට බලාගන්න පුළුවන් කොහොමද 2020දී Smart phone manufacturing companies කොහොම තරඟයකටද සෙට් වෙලා ඉන්නේ කියල. ඉතිං එයාලා 2020 දි release කරන්න බලාගෙන ඉන්න Smart Phone කිහිපයක් මෙන්න :

  1. Huawei P40, P40 Pro, P40 Pro+ (release කරා)
  2. Xiaomi Mi 10 & Mi 10 Pro (release කරා)
  3. Moto Edge & Edge+
  4. Nokia 8.3 5G
  5. Samsung Galaxy Fold 2
  6. OnePlus 8 & 8 Pro
  7. Apple iPhone 12 5G
  8. Samsung Galaxy Note 20

01. Huawei P40, P40 Pro, P40 Pro+

මේ ආර්ටිකල් එක ලියනකොට Huawei P40 series එක release වෙලා තිබ්බේ නෑ. ඒත් මේ article එක publish කරනකොට ඒ ටික release වෙලා.

කොහොම හරි 2019 හෙනම කට්ටක් කාලනේ Huawei එක ආවේ. US වලින් ban කරා. එක එක අරියාදු උනා. කොහොම උනත් තාමත් Huawei මාක්ට් එකේ උඩින්ම ඉන්න කම්පණි එකක්. තාමත් චීනයේ උඩින්ම ඉන්න මොබයිල් ෆෝන් හදන කම්පණි එක තමයි වාවේ කියන්නේ. (ගොඩක් අය හුවාවේ, හුවාවි කියලත් කියනවා. ඒත් චීනේ හරියට ප්‍රනෞන්ස් කරන්නේ වාවේ කියල)

කෝම හරි මෙගා පික්සල් 64ක සෙන්සර් එකකුයි Leica lenses කැමරා 5ක සෙට් අප් එකක් එක්ක P40 Pro එක ගිය මාර්තු මාසේ රිලීස් කරා. ඒත් තාම P40 Pro+ එක නම් රිලීස් වෙලා නෑ. ඒක ජූනි මාසේ රිලීස් වෙනව කියල තමයි rumors කියන්නේ.
කොහොම උනත් මේ පාර නම් Google services නම් නෑ.

02. Xiaomi Mi 10 & Mi 10 Pro

මෙන්න භාණ්ඩයත් ආටිකල් එක ලියන දවස් වල රිලීස් කරල තිබ්බේ නෑ. කොහොම උනත් Mi 10 එකයි Mi 10 Pro එකයි පහු වෙච්ච පෙබරවාරි වල රිලීස් කරා. පොඩි කාලයකින් ලෝකයේ මබයිල් ෆෝන් ඉන්ඩස්ට්‍රියේ ලොකු වෙනසක් ඇති කරගෙන ඉදිරියට ආපපු කම්පණි එකක් තමයි Xiaomi කියන්නේ.

කොහොම උනත් දැනටමත් රිලීස් වෙච්ච ඩිවයිස් එකක් නිසා මං ලොකුවට විස්තර් කියන්න යන්නේ නෑ ඔයාල දැනටමත් දන්න නිසා.

03. Motorola Moto Edge & Edge+

ලෝකේ පළවෙනි හෑන්ඩ්ෆෝන් එක හදපු කම්පණි එක තමයි Motorola. අර තඩි ගඩොල් බාගේ වගේ එක මුලින්ම හැදුවේ මේ කම්පණි එකෙන්.

එයාල 2020දි Snapdragon 765 එක දාලා Motorola Edge කියන ඩිවයිස් එකයි Snapdragon 865දාල Motorola Edge+ කියන ඩිවයිස් එකයි රිලීස් කරන්න ඉන්නවා. මෙයාලා මේ ඩිවයිස් දෙක කොරෝනා නිසා කැන්සල් උන Mobile World Congress එකේදි රිලීස් කරන්න බලාගෙන හිටියා කියල තමයි ආරංචිය තියෙන්නේ. කොහොම හරි තාම රිලිස් කරල නම් නෑ.

මේ ෆෝන්ස් දෙකේම ඩිසයින් එක එකයි. වෙනස් වෙන්නේ චිප් සෙට් එකයි කැමරා සෙටප් එකෙනුයි විතරයි දැනට වෙලා තියෙන ලීක්ස් වලින් ආරංචි වෙන්නේ. Motorola Edge එකේ මෙගා පික්සල් 64ක කැම් එකකුයි, Motorola Edge+ එකේ මෙගා පික්සල් 108ක කැම් එකකුයිලු තියෙන්නේ. ඒ වගේම Edge + මොඩ්ල් එක 5G enabled ඩිවයිස් එකක් විදිහට එන්නේ.

04. Nokia 8.3 5G

Nokia එක එයාලගේ පලවෙනි 5G ඩිවයිස් එක රිලීස් කරන්න යන්නේ Snapdragon 765G එක දාල. මේක Sub-flagship එකක් විදිහට තමයි එනව කියන්නේ. කොහොම උනත් 2020 රිලීස් වෙන අනිත් 5G ඩිවයිසස් වලට වඩා අඩු දැරිය හැකි මුදලකට තමයි මේක රිලීස් වෙනවා කියල කියන්නෙ. මෙගා පික්සල් 64ක කැමරා සෙන්සර් එකක් එක්ක Quad කැමරා සෙටප් එකකුයි අඟල් 6.81ක ඩිස්ප්ලේ එකකුයි එනවා කියල තමයි rumors කියන්නේ.

05. Samsung Galaxy Fold 2 / Galaxy Z Fold 2

More Samsung Galaxy Fold 2 leaks: reduced weight, new colors and ...

New Generation Mobile Phones සමාගම් අතර Samsung සමාගමට වෙළදපොළේ ඉහළ නමක් තියෙන කම්පණි එකක්. Samsung Galaxy Fold 2 එක සුපිරි ෆෝන් එකක් වෙයි කියල තමයි ගොඩක් අය කියන්නේ. Flagship Grade Device එකක් විදියට S20 Ultra එකේ මෙගාපික්සල් 108 ක කැමරාවත් එක්ක Snapdragon 865 එකත් එක්ක S Pen Supported ඩිවයිස් එකක් විදිහට, Galaxy Z Flip එකේ Ultra Thin Glass එකක් එක්ක එනවා කියල තමයි කියන්නේ.

කොහොම උනත් Galaxy Fold 2 එක වගේ නොවෙයි කියල ප්‍රාර්ථන කරමු.

06. OnePlus 8 & 8 Pro

OnePlus 8 & OnePlus 8 Pro - Detailed Specifications Revealed ...

ස්මාර්ට් ෆෝන් ලෝකයේ උසේන් බෝල්ට් තමයි OnePlus කියන්නේ. මේ වෙනකොට OnePlus 8 එකේ ඩිසයින් එක නම් ගොඩක් අය දන්නවා. ඩිස්ප්ලේ එකේ පන්ච් හෝල් එකක් එක්ක ෆ්‍රන්ට් කැම් එකයි බැක්සයිඩ් එකේ ට්‍රිපල් කැමරා සෙටප් එකයි තියෙන්නේ. Chipset ලෝකයේ පෙරලිකාරයා Qualcomm එකේ අළුත්ම chipset එක 865 එක දාල අප්‍රේල් මැදදි රිලීස් කරන්න කියල තමයි හිතාගෙන ඉන්නවා කියල ආරංචිය. OnePlus 8 Pro එක 120Hz ඩිස්ප්ලේ එකක් එක්ක එයි කියලත් කියනවා.

07. Apple iPhone 12 / iPhone 5G

2019 දී 5G ඩිවයිස් එකක් රිලීස් කරයි කියල හිතුවත් iPhone 11 series එකත් එක්ක රිලීස් කරපු නැති Apple කම්පනි එක, මේ පාර iPhone 12 series එකත් එක්ක 5G ඩිවයිසස් 4ක් රිලීස් කරන්න යන කතාවක් තමයි ලීක්ස් වලින් කියවෙන්නේ. හෝව් පොඩ්ඩක් ඉන්න ඩිවයිසස් 4ක්.

ඔව් ඩිවයිසස් හතරක්. මේ පාර අඟල් 5.4ක ඩිස්ප්ලේ එකක් තියෙන ඩිවයිස් එකකුත් එනවා කියල තමයි ට්විටර් එක පැත්තේ ගියාම පේන්න තියෙන්නේ. ඔන්න තියෙනවා වෙච්ච ලීක් වල පොඩි ටිකක් පල්ලෙහයින්.

මේ පාර new squarer design එකක් එක්ක සේරම OLED Display දාල එනවා කියල තමයි කියන්නේ. ඒත් ඒක නම් හරියටම කියන්න බෑ, මොකද iPhone XR, 11 දෙකේම ආවේ IPS LCDනේ. කොහොම උනත් මුලින් ෆෝන්ස් 3ක් එනවා කියල කිව්වත් 4ක් එනව කියලනේ දැන් දැන් ආරඩ්ංචි එන්නේ. ඔව් ඒ 4 වෙනි ෆෝන් එක කාලයක් කට්ටිය බලාගෙන හිටිය SE එක.

iPhone fan කෙනෙක් විදිහට මං නම් හරිම ආසාවෙන් බලං ඉන්නේ මේ ටික රිලීස් වෙනකන්. අර හැමදාම කියනව වගේ first ever කියන වචනය අහන්න.

08. Samsung Galaxy Note 20

Samsung සමාගම විසින් සෑම වසරකම වගේ අලුත් Device එකක වෙළදපොළට ඉදිරිපත් කරනවා. Samsung සමාගම විසින් 2020 වර්ෂයේ එළිදැක්වීමට නියමිත අලුත්ම Device එක විදියට Samsung Galaxy Note 20 හදුන්වා දෙන්න පුලුවන්. Samsung Galaxy Note 20 Device එකේ S20 Series එකේ වගේම 120Hz Display එකකින් යුක්තයි. ( S20+ the camera of the S20+ and present a new phone with S Pen ) . Samsung Galaxy Note20 2020 අගෝස්තු මාසයේදී Launch කිරීමට කටයුතු සූදානම ඇති බවත් Note20 සහ S20 අතර ඇති එකම වෙනස S Pen එක බවත් බොහෝ කට කතා පවතී.

GO TOP