මේ ගැන කථා කරන්න හිතුනේ විවිධ අය තමුන් කරපු ෆොටෝ ෂූට් Social Media තුළ ශෙයා කර ගැනීමත් එක්ක ඒක දකින අය පල කරන විවිධ මත වාද සෑහෙන කාලයක් අධ්‍යයනය කරාම ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදියට මට හිතෙන දේ ඔය ගොල්ලන්ට කියන්නයි.
තමන්ට ගැලපෙන කෙනාව තෝරගන්න

පළවෙනිම දේ තමයි තමුන් ෆොටෝග්‍රැපර් කෙනෙක්ගෙන් කර ගන්න ෆොටෝ ෂූට් එක තමුන්ට ගැලපෙනවද කියලා බලන්න ඕන. කරන්නන් වාලේ කරනවා හෝ වෙන කෙනෙක් කරන නිසා කවදාවත් ෆොටෝ ෂූට් එකක් කරන්න හොඳ නෑ. මොකද ඒකෙන් වෙන්නෙ තමුන්ට වගේම ෆොටෝග්‍රැපර් ටත් ඒ වගේම සමාජෙටත් වැරදි දේවල් සමාජ ගත වෙන එක. ඒ නිසා මුලින්ම තමන්ට ගැලපෙන්නේ මොන දේද කියන එක ගැන තීරණයක් ගන්න.
නාහෙට අහන්නේ නැති හිතුවක්කරයෙක් ගත්තොත් නම් ඉවරයි

දෙවනුව තමුන් තීරණය කරන දේට ගැලපෙන ෆොටෝග්‍රැපර් කෙනෙක් හොයා ගන්න ඕන. ඒක කරන්න නම් ඉතිං ෆොටෝග්රැපර්ලගේ කලින් කරපු ෆොටෝ ෂූට් බලන්න ඕන වගේම ෆොටෝග්‍රැපර් එක්ක තමන්ගේ අදහස සාකඡ්ඡා කරන්න ඕන. අද වෙනකොට විවිද මිල ගනන් යටතේ ෆොටෝ ෂූට් කරන අය ඕන තරම් ඉන්නවා. තමුන්ට වෙන් කරන්න පුළුවන් මුදලත් එකක්, තමුන්ට ගැලපෙන ෆොටෝග්‍රැපර් තෝර ගන්න එක තමුන්ගේ වැඩක්.
නිර්මාණශීලී කෙනෙක් තෝරගන්න

ඒත් එක්කම බලන්න ඕන ෆොටෝග්‍රැපර් ගේ ගුණාත්මක බාවය වගේම නිර්මාණශීලී හැකියාවත්. මොකද ෆොටෝ ෂූට් එකෙන් පස්සේ තමුන්ට ඒක ප්‍රමාණවත් නොවෙනවා වගේ හිතුනොත් ඒක ජීවිත කාලෙම හිත හිත තමා ඉන්න වෙන්නෙ. සමහර දේවල් ආයේ ෆොටෝ ෂූට් එකකට ගන්න බැරි වෙලාවලුත් තියෙනවා. ඒ නිසා හොඳට කල්පනා කරලා නිවැරදි දේම කරන්න.
ඔයාලගේ අදහස් ෆොටෝග්‍රැෆර් එක්ක ශෙයාර් කරගන්න

අපි හිතමු දැන් ඔය ගොල්ලෝ ෆොටෝග්‍රැපර් කෙනෙක් තෝරන් ඉන්නෙ කියල. අනිවාර්යෙන් ඒ ෆොටෝග්‍රැපර් එක්ක හොද අදහස් හුවමාරුවක් කර ගන්න. ෆොටෝ ෂූට් එක වෙන්න ඕන කොහොමද කියන එක කියන්න. එතකොට ෆොටෝග්‍රැපර් කියනවා වෙන්න ඕන දේවල් සේරම. (හොඳ ෆොටෝග්‍රැපර් කෙනෙක් නම්) ඒත් එක්කම වෙනස් වෙන්න ඕන දේවල් දෙගොල්ලෝ කථා කරගෙන විසඳ ගන්න.
හරියටම ලොකේෂන් එක තෝරගන්න
වැදගත්ම දෙයක් තමයි ෆොටෝ ෂූට් එකට තෝර ගන්න ලොකේෂන් එක. කොතනක ෆොටෝ ෂූට් එක කලත් තමන්ගේ ආරක්ෂාව පළවෙනි තැන තියා ගන්න. පහුගිය කාලේ බොහොම අවාසනාවන්ත සිද්දි කිහිපයක්ම අහන්න ලැබුණා. ඒ නිසා අනතුරක් නොවෙන තැන් තෝර ගන්නවා වගේම අනතුරක් නොවෙන විදියටත් ෆොටෝ ෂූට් එක කරන්න වග බලා ගන්න.
මිල ගණනුත් හොයල බලන්න ඕනේ
![Kyrie Irving Photographer GIF by NBA [Video] [Video] | Space ...](https://i.pinimg.com/originals/66/e6/f9/66e6f98bc7818a601266840fb7696fe3.gif)
අනිත් දේ තමයි මිල ගනන්. ගොඩක් අය හිතනවා ෆොටෝ ෂූට් එකකට මහලොකු ගානක් යන්නේ නෑ නේද කියන එක. ඔයාල තෝර ගන්න ෆොටෝග්‍රැපර් පාවිච්චි කරනව ආම්පන්න බොහෝම මිල අධිකයි. ඒත් එක්කම එයා වෙන මහන්සිය. මහ ලොකු මහන්සියක් වෙන්නේ නෑ කියලා බැලූ බැල්මට පෙනුනට සෑහෙන මහන්සියක් වෙන්න ඕන. ඒ වගේම ඒ ෂූට් එක සඳහා ෆොටෝග්‍රැපර් ලබා දෙන දේවල් එකක් සහ ඔය ගොල්ලෝ ඉල්ලන දේවල් එකක් මේ මිල ගනන් වෙනස් වෙන්න පුළුවන්. ඔය ගොල්ලෝ ඒ කථා කර ගන්න මිල ගනන් එක්ක ෆොටෝග්‍රැපර් ගෙ හිත සතුටු වෙන විදියට වැඩ කලොත් ෆොටෝග්‍රැපර් අනිවාර්යෙන් ඔය ගොල්ලන්වත් උපරිම සතුටු වෙන විදියට වැඩ කරයි.
ශූට් එක සමාජ ජාලේ ශෙයාර් කිරිල්ල

තව දෙයක් තමයි ෆොටෝ ෂූට් එක කලායින් පස්සේ අද සියළුම දෙනාම වගේ SM වල ෆොටෝ ශෙයා කරනවා. ඒකත් ෆොටෝග්‍රැපර් එක්ක කතා කරගෙනම කරනවා නම් දෙගොල්ලන්ගෙම හිත සතුටෙන් වැඩේ කර ගන්න පුළුවන් වෙයි.
අඳුනනවා උනාට අඩුවෙන් වැඩේ කරගන්න හදන්න එපා

ඇදිනුම් කමට ෆොටෝග්‍රැපර් කෙනෙක් තෝර ගන්නවා නම්, ෆොටෝග්‍රැපර් යම් මිල අඩු කිරීමක් කරයි. නමුන් නිකම් කර ගන්න හෝ අඩූම මිල ගනනකින් ෆොටෝ ෂූට් එක කර ගන්න ගිහින් ෆොටෝග්‍රැපර් ව හෑල්ලු කරන්න එපා. එතනින් වෙන්නේ මිතුරු කමත් නැති වෙන එක විතරයි.
අවසාන වශයෙන්...
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ තමුන්ට ගැලපෙන දේ විතරක් කරන්න. නොගැලපෙන දේවල් කරන්න ගිහිල්ලා අමාරුවේ වැටෙන්න එපා. ඒත් එක්කම මම දකින දෙයක් තමයි සමහර ෆොටෝ ෂූට් වලට මිනිස්සු බනින විදි. බනින්න කලින් හොඳට හොයල බලන්න. සමහර දේවල් ලංකාවට අළුත් උනාට ලෝකෙට අළුත් නෑ. ලෝකෙ කොහේ හරි කරන පලියට ලංකාවට ගැලපෙන්නෙත් නෑ. ඒක තමුන් තීරණය කරන්න ඕන දෙයක්. ඒ නිසා කරන දේ හරියට කර ගන්න හොඳට හිතලා බලලා කරන්න කියලා තමා කියන්න තියෙන්නෙ.