හොඳ නින්දක් අපිට අවශ්‍ය වෙන්නෙ ඇයි? - නින්ද (Season 1 Episode 1)


හොඳ නින්දක් අපිට අවශ්‍ය වෙන්නෙ ඇයි? - නින්ද (Season 1 Episode 1)

අපි හිතනවට වඩා අපට හොඳ  සෞඛ්‍යවත් නින්දක් ඉතාමත් වැදගත්. ඇත්තටම හොඳ  නින්දක් කියන්නේ අපි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න එක, එක්සසයිස් කරන එක තරම්ම වැදගත් දෙයක්. අවාසනාවන්ත විදියට අපේ ස්වභාවික නින්දේ රටාවට බාධා ඇති වෙන දේවල් ගොඩක් වෙන්න පුලුවන්. ඉස්සර හිටපු මිනිස්සු ලබාගත් නින්දට වඩා ඉතාමත් අඩු නින්දක් තමයි අපිට ලැබෙන්නේ.

දැන් අපි කතා කරන්න යන්නේ හොඳ  නින්දක් අපිට වැදගත් වන හේතු මොනවද කියලා.

අඩු නින්දට බර වැඩි වෙනවා

අඩු නින්ද බර වැඩි වීමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. ප්‍රමාණවත් නින්දක් ලබන පුදගලයන්ට සාපේක්ෂව කෙටි නින්දක් ලබන පුද්ගලයන්ගේ බර වැඩි වෙන්න පුලුවන්. ඇත්තටම කෙටි නින්දේ කාලය තරබාරුකමට තියෙන ප්‍රබලම අවදානම් හේතුවක් වෙලා තියෙනවා.

එක් පරීක්ෂණයකින් ඔප්පු වෙලා තියෙන විදියට කෙටි කාලීන නින්දක් ලබන ලමයින් හා වැඩිහිටියන්ගේ තරබාරුකම ඇතිවීමේ අවදානම පිලිවෙලින් 89% හා 55%ක්.

බර වැඩි වීම කෙරෙහි නින්දේ බැලපෑම, හෝමෝන හා ව්‍යායාම සදහා පෙලඹවීම ඇතුළු සාධක රැසක් මැදිහත් වන බවයි පරීක්ෂකයන් පවසන්නේ.

ඔයා බර අඩු කරගන්න ට්‍රයි කරන කෙනෙක්නම් හොඳ  කොලිටි නින්දක් ලබා ගන්න එක ඉතාම වැදගත් කාරණාවක්.

හොඳ  නින්දක් මගින් ක්‍රීඩා දක්ෂතා වැඩි දියුණු කර ගන්න පුලුවන්

බාස්කට්බෝල් ක්‍රීඩකයන් ගැන අධ්‍යනයකදී හොඳ නින්දක් මගින් සැලකිය යුතු විදියට වේගය වර්ධනය වී තිබූ අතර, නිරවද්‍යතාවය, ප්‍රතික්‍රියා කාලය හා මානසික යහපැවැත්මද දියුණු වෙලා කියලා සඳහන් වෙනවා.

කාන්තාවන් 2800කට වැඩි පිරිසකගෙන් කරල තියෙන අධයනයකදී සොයාගෙන තියෙනවා දුර්වල නින්ද හෙමින් ඇවිදීමට, අඩු ග්‍රහණ ශක්තිය  හා ස්වාධීන වැඩ කරගැනීමේ අපහසුතා ඇතිවීම කියන ඒවට හේතු වෙනවා කියලා.

දුර්වල නින්ද සහ හදවත් රෝග

නින්දේ ගුණාත්මකභාවය හා කාලසීමාව මගින් සෞඛ්‍ය අවදානම් සාදක කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන්න පුලුවන්.

රාත්‍රියට පැය 7-8 අතර නින්දක් ලබන පුද්ගලයන්ට සාපේක්ෂව ප්‍රමාණවත් නින්දක් නොලබන පුද්ගලයන්ට හෘද රෝග ඇති වීමේ අවදානම ඉතා ඉහළය.

ඩිප්‍රෙෂන්ද?

ඔයාටත් ඩිප්‍රෙෂන් ද? ඔයත් අඩු නින්දක් ලබන කෙනෙක්ද? එහෙනම් මේ කොටස ඔයාට වැදගත් වෙන්න පුලුවන්.

ඩිප්‍රෙෂන් වගේ මානසික සෞඛ්‍ය ගැටළු, දුර්වල නින්දේ ගුණාත්මකභාවය හා නින්දේ පිළිවෙලක් නැති කම සමග කිට්ටු සම්බන්ධතාවයක් තියෙනවා.

මානසික අවපීඩනයෙන් ඉන්න කට්ටියගෙන් 90% ක් විතර පැමිණිලි කරන දෙයක් තමයි නින්දේ ගුණාත්මකභාවය. සාමාන්‍ය ස්ට්‍රෙස් එකකින් ඉන්න කෙනෙක්ට උනත් හොඳ නින්දක් ලබා ගැනීම මගින් මානසික සුවයක් ලබාගන්න පුලුවන්.

ඉමියුනිටි වැඩි වෙන්නේ වෙනිවැල්ගැට වලින් විතරක්ම නෙමේ

අපේ නින්ද ඉතා සුළු ප්‍රමාණයකින් මග හැරීම පවා ඉමියුනිටි සිස්ටම් එකේ ක්‍රියාකාරීත්වය අඩපණ කරන බව පෙන්නල දීලා තියෙනවා.

පැය 8ක් හෝ ඊට වැඩි කාලයක් නිදා ගන්න පුද්ගලයන්ට වඩා පැය 7කට වඩා අඩු කාලයක් නින්දක් ලබන පුද්ගලයන්ට සෙම්ප්‍රතිශ්‍යාව ඇති වීම 3 ගුණයකින් විතර වැඩියි.

ඔයාට සෙම්ප්‍රතිශ්‍යාව තියෙනවනම් රෑට අඩුම පැය 8ක නින්දක් ලබා ගැනීම ඉතාම වැදගත්.

සමාජ හැසිරීම් කෙරෙහිද නින්ද බලපානවා

අඩු නින්ද නිසා සමාජයේ හැසිරීමේදී විවිධ ගැටලු ඇති වෙන්න පුලුවන්..

නින්ද අඩු පුද්ගලයන්ගේ කෝපය හා සතුට ප්‍රකාශ කිරීමේ හැකියාව අනිත් පුද්ගලයන්ට සාපේක්ෂව අඩුයි. ඔයාට ඉක්මනට තරහ යනවනම්, හොඳ නින්දක් නැති නිසා වෙන්නත් පුලුවන්.

නින්ද කියන්නෙ හැම කෙනාටම ශාරිරික සහ මානසික සෞඛ්‍යය සදහා  අත්‍යවශ්‍ය ඒත් ගොඩක් අය ගණන් නොගන්න දෙයක්.

ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම මගින් සෞඛ්‍යමත් ජීවිතයකට හුරු වෙමු.

Related Articles

GO TOP